
මත් කුඩු ජාලයක කාන්තාවක් ඇතුලු තවත් අයෙක් බන්ඩාරවෙල පොලීසියෙන් අල්ලයි
බණ්ඩාරවෙල පොලීසිය මගින් මීට සතියකට පමණ පෙර බණ්ඩාරවෙලට මත්ද්‍රව්‍ය බෙදු පුද්ගයෙකු වැල්ලවායේ දී අත්අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්ණ කිරීම් වලින් , ඇල්ල ,බණ්ඩාරවෙල , බදුල්ල , හපුතල , ප්‍රදේශ වලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කාන්තාවක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
එම තොරතුරු මත පොලිස් ස්ථානාධිපතිවරයා , අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රැක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටිය දී අත් අඩංගුවට ගැනීමට සමත් වුණා.
පොලීසිය අනවණය කරගෙන ඇත්තේ අදාල කාන්තාව අනුරාධපුර පදංචි කාරියක වන අතර ඇය මාතර ප්‍රදේශයේ පුද්ගයෙකුට හෙරොයින් අලෙවි කිරීම සදහා මෙලෙස පැකට් කරමින් සිටි බවටයි.
අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) බණ්ඩාරවෙල පොලීසියට රැගෙන ආ අතර වෙළදාම සිදුකිරීමට භාවිත කළ මෝටර් රථයක් සහ ජංගම දුරකතන 10 ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු දින 5ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා.
