
හිඟුරානේ උක් ඉඩම්වල වී වගාකරනවාට ගොවීන් පිරිසකගේ විරෝධයක් (VIDEO)
හිඟුරාන සීනි සමාගමේ උක් වගාකරන පිරිසක් ඉඩම්වල බලහත්කාරයෙන් වී වගා කිරීමට ගෙන ඇති පියවරට දේශීය උක් කර්මාන්තය සුරකීමේ සංවිධානය දැඩි විරෝධයක් පළ කරනවා.
මෙම ඉඩම්වල උක් පමණක් වගා කරන ලෙසට ලබාදී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයද අභියෝගයට ලක් කරමින් මෙම පිරිස කටයුතු කරන බවයි එම සංවිධානය පවසන්නේ.
1961 වසරේ ගල්ඔය ව්‍යපාරයේ ආරම්භක යුගයේදී හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුණේ ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙසටයි.
කලක් මෙරට ප්රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක් වූ මෙය කලින් කලට බිඳ වැටීම්වලට ලක් වුණා.
මේ අතර කර්මාන්ත ශාලාවට උක් සැපයූ මෙම ඉඩම්වල උක් ගස් පමණක් වගාකිරීම සිදු කළ යුතු බව 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් යටතේ ලබාදී තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ ඉකුත් 15 වැනි දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයකු අදාළ ඉඩම්වල කුඹුරු ගොවිතැන් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවටයි උක් කර්මාන්තය සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් හිඟුරාන සීනි සමාගමේ උක් වගාකරන පිරිසක් ඉඩම්වල බලහත්කාරයෙන් වී වගා කිරීමට ගෙන ඇති පියවරට තමන් විරෝධය පළ කරන බවයි එම සංවිධානය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
