
ස.ජ.බ. නැතුව ආණ්ඩුවට එරෙහිව විපක්ෂය ඒකාබද්ධව සංවිධාන මාධ්‍ය හමුවක් තියයි (VIDEO)
ආණ්ඩුවට එරෙහිව විපක්ෂය ඒකාබද්ධව සංවිධාන කරනු ලබන ‘මහජන හඬ‘ ජනරැළිය නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී කැඳවමින් ඔවුන් මෙම අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
සමගි ජනබල වේගය මෙම රැළියට එක්ව නොසිටීම කැපී පෙණුනා.
