
සෙවනගල වාහන පරීක්ෂාවකින් මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන රැසක් සොයා ගනී
සෙවනගල දඩුම හන්දියේදී අද (27) සෙවනගල පොලිසිය හා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ හදිසි රථවාහන පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 11ක් හඳුනාගත් බව සෙවනගල පොලිසිය පවසනවා.
එහිදී මෙම වාහන ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයාට නැවත ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නා.
අප වාර්තාකරු පැවසුවේ එහිදී එක් රියැදුරෙකු තමන්ගේ රථය සකස් කර ගැනීමට තමන්ට වත්කමක් නොමැති බව පවසමින් මහ පාරේ වැතිරෙමින් හඬා වැටුණ බවයි.
මෙම පරීක්ෂාවේදී තවත් රියදුරන් රැසකට නඩු පැවරීමටද කටයුතු කර තිබෙනවා.
මෙම රථ වාහන මෙහෙයුම් සඳහා මොරාගල මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක A.B..S සම්පත් මහතා සහ සෙවනගල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරීන් සහභාගි වී සිටියා.



