
රු. ලක්ෂ 90 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග කටුනායක ගුවන් තොටේදී දෙදෙනෙක් අල්ලයි
රුපියල් ලක්ෂ අනූවක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි දෙදෙනෙකු අද (27) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දෙදෙනාගෙන් එක් අයෙකු මාතර ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔවුන් ඩුබායි හි සංචාරයක නිරත වීමෙන් පසුව , ” මැන්චෙස්ටර් ” සහ ” ප්ලැටිනම්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 60,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 300 ක් සිය ගමන් මලු තුල සගවා මෙරටට රැගෙන විත් තිබුණා.
