
පරිභෝජනයට නුසුදුසු ආහාර වටලා කඩුවෙල උණුසුම් තත්ත්වයක් – නවයකට නඩු (VIDEO)
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඊයේ සිදු කළ හදිසි ආහාර වැටලීමකදී නරක් වූ මාළු තොගයක් ශීතකරණයක බහා තිබීම පිළිබඳව එහි හිමිකරුගෙන් විමසා සිටියා.
එම මාළු නරක් වී ඇති බැවින් ඒවා ආපසු යැවීමට ඇති ඒවා බව වෙළෙඳසැලේ හිමිකරු පැවසුවා.
පසුව ඔහු එම මාළු නරක් වී නොමැති බව පවසා, නරක් වූ මාළු මිනිසුන් කන්නේම නැද්දැයි ආදී වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග උණුසුම් කතා බහක් ඇති වුණා.
පසුව මෙම නිලධාරීන් මාලු කිලෝ ග්‍රෑම් 20 විනාශ කර දැමීමට කටයුතු කළා.
අයිස් ක්‍රීම් 122 සමග ශීතකරණයට ද සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.
මෙම වැටලීමේ දී පරිභෝජනයට නුසුදුසු ආහාර තබාගත් නවයකටත් නඩු පැවරීමටත් කටයුතු කළා.
