
නාරාහේන්පිට ,දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් (VIDEO)
නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා මේ වනවිට එම ස්ථානයට ගිනිනිවන රථ පිටත්කර යවා තිබෙනවා.
අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වුණා.
ඉහළ මහල්වල සිරවී සිටින නිවැසියන් මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා ඇතැයි සඳහන්.
