
දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ මෙත්මි රසාරාට ගමෙන් හරසර
හතරවන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම් දිනාගත් මෙත්මි රසාරා විජේසූරිය දියණිය පිළිගැනීමේ උත්සවයක් අම්පාරේ දී සංවිධානය කර තිබුණා.
ඇය ඉගෙන ගත් අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාල විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ඇය අධ්‍යාපනය හදාරා ඇත්තේ සද්ධාතිස්ස ප්‍රාථමික විද්‍යාලයෙන් සහ සද්ධාතිස්ස මහා විද්‍යාලයෙන්.
අම්පාර නගරයේ සිට රථ පෙළපාලියකින් විද්‍යාලය දක්වා ඇය කැඳවාගෙන විත් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සිසුන් ඇය මහත් හරසරින් පිළිගනු ලැබුවා.
