අත්අඩංගුවට ගන්න පොලීසිය කාන්තාවක් සොයයි

අත්අඩංගුවට ගන්න පොලීසිය කාන්තාවක් සොයයි

රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කර දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 3 මගින් සිදුකරන පරීක්ෂණයකට අදාලව කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

සිද්ධියට අදාල කාන්තාව අන් අයකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවෙහි අත්සන් ක‍ර ඇති අතර මෙම සැකකාර කාන්තාව පොලීසිය මගහරිමින් සිටින බවටයි පොලිස් නිවේදනයේ දැක් වෙන්නේ.

ඡායාරූපයේ සිටින කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

වානිජ අපරාධ විමර්ශන අංශ 03 – 011 2434504

මෙහෙයුම් මැදිරිය (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ) – 011 2422176

Share This