
අරක්කු වික්කා වගේ නෙමෙයි, හරියට බදු නොගෙව්වොත් බලාගමු
මේ වසරේ සුරාබදු ආදායම සියයට එකසිය අටකින් (108%) වැඩි වී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.ඒ. පේමරත්න මහතා පවසනවා.
නමුත් තම ව්‍යාපාර සිදුකරන අතර නිසිලෙස බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.ඒ. පේමරත්න මහතා පෙන්වා දෙනවා.
මේ වනවිට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් වැඩි පිරිසක් සුරාබදු ගෙවීම නිසිලෙස සිදුකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුරාබදු ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් දෙමින් ඔක්තෝබර් 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් එම චක්‍රලේඛයට අනුව හිඟයකින් තොරව බදු ගෙවන ලෙස නිෂ්පාදකයන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා අවධාරණය කරනවා.
මේ වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 242ක බදු ආදායම් ඉලක්කයක් දී ඇති අතර මේ වනවිට රුපියල් බිලියන 212.6ක බදු ආදායමක් උපයා ඉතිරි මාස 02 ඇතුළත අපේක්ෂිත ඉලක්ක ඉක්මවා යා හැකි බව ද පේමරත්න මහතා විශ්වාසය පළකරනවා.
