ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැලසුම්

ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැලසුම්

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික වශයෙන් වැදගත් තලයකට ගෙන ඒමේ අරමුණෙන් විශේෂ නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසනවා

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව බලාපොරොත්තු වන්නේ මෙහි පාර්ශවකරුවන් වන රථ හිමියා, ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන මගීන්, යම් අවස්ථාවල වාහනයේ සහායකයා ලෙස ක්‍රියාත්මක වන්නා, ආයතන වශයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ප්‍රවාහන අමාත්‍යංශය සහ සමස්ථයක් ලෙස රටේ මගී ජනතාව මෙහි සක්‍රීය දායකයන් බවට පත් කිරීමත්, සියලු දෙනාගේ සතුට වෙනුවෙන් ක්‍රියාත්මකවන වැඩසටහනක් බවට මෙය පත් කිරීමත් මෙහි අරමුණ බවද ඔහු කියා සිටිය

දැනට මෙම ක්ෂේත්‍රයේ නියැලෙන කිසියම් හෝ පාර්ශවයක් අගතියට පත්කිරීම එහි අරමුණ නොවන බවයි ඒ මහතා පැවසුවේ

Share This