
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත ඊයේ පස්වරුවේ රැගෙන එනු ලැබුවා.
මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව ඊයේ සිදු කළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබුණා.
නාවික හමුදාවට විශ්වසනීය තොරතුරක් ලැබී තිබුණේ, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් ගමන් කරමින් සිටින බවටයි.
ඒ අනුව, එම යාත්‍රාව භාරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් අදාළ යාත්‍රාව දෙසට ළඟා වූයේ නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින්.
අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරින් යාත්‍රාවේ එහි සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් සමග අදාළ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.


