
බ්‍රිතාන්‍යයේ, දුම්රියක් තුළ සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු රෝහලට
බ්‍රිතාන්‍යයේ, කේම්බ්‍රිජ්ෂයර් හි ගමන් කරමින් තිබූ දුම්රියක එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ඉන් නව දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇති බවට විශ්වාස කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ හන්ටිංඩන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයේ ප්‍රතිචාර දක්වන ආකාරයයි.
සිද්ධිය වාර්තා වූ සැනින් පොලිසිය “ප්‍රධාන සිදුවීමක්” ලෙස ප්‍රකාශ කර ත්‍රස්ත විරෝධී නිලධාරීන් විමර්ශනයට සහාය වනු ඇති බව තහවුරු කළා.
බ්‍රිතානය මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රහාරය සිදු වූ විට මගීන් ප.ව. 6.25 දුම්‍රිය සේවයේ ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිටි බවයි.
ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බීබීසීයට පැවසුවේ “ඔවුන්ට පිහියක් තියෙනවා, දුවන්න” යැයි පවසමින් ලේ වැගිරෙන අතකින් කරත්තය පහළට තල්ලු කළ මිනිසෙකු දුටු බවත්, මිනිසෙකු බිම වැටී සිටිනු දුටු බවයි.
කේම්බ්‍රිජ්ෂයර් ලන්ඩනයට උතුරින් සැතපුම් 50 ක් (කිලෝමීටර් 80) පමණ දුරින් පිහිටා තිබෙනවා.
ප්‍රහාරකයා බාලවයස්කාර ගැහැණු ළමයෙකුට පිහියෙන් ඇනීමට තැත් කිරීමේ දී වැඩිහිටි පුද්ගලයෙකු විසින් ‘අවහිර කළ’ බව ඇසින් දුටු සාක්ෂිකරු පවසනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දුම්රියේ සිටි ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසන්නේ ලේ ගලමින් සිටි වින්දිතයින් උදව් ඉල්ලා කෑගැසූ විට මගීන් ” දැඩි භීතියකින්” පසුවූ බවයි.
ඔලි ෆොස්ටර් නමැත්තා බී.බී.සී. යට පවසා තිබුණේ මුලින් “දුවන්න, දුවන්න, හැමෝටම පිහියෙන් ඇනපු මිනිහෙක් ඉන්නවා” යනුවෙන් කෑ ගසන හඬ තමාට ඇසුණු බවයි. එය හැලොවීන් දින රාත්‍රියෙන් පසු විහිළුවක් විය හැකි යැයි විශ්වාස කළ බව ඔහු පවසා තිබුණා.
