කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දෝතට ගත් ඉන්දීය පිලට සුබපැතුම් ගලයි

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දෝතට ගත් ඉන්දීය පිලට සුබපැතුම් ගලයි

ICC කාන්තා ලෝක කුසලාන අවසන් තරගය ලකුණු 52 ක විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් තමන් සතු කර ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෙම තරගය දකුණු අප්‍රිකා පිල සමග ඉන්දියාවේ මුම්බායි නවාවි ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා.

තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී ප්‍රමාද වුවත් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබා දීමට ස්මිරිති මන්දනා සහ ශාපාලි වර්මා සමත් වුණා.

මන්දනා ලකුණු 45 ක් ලබා පිටියෙන් ඉවත් වනවිට ඉන්දීය පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 104 ක්.

ජෙමීමා රොද්‍රිගුස් ලකුණු 24 ක රැස් කළා.

හර්මන්ප්‍රීට් කෞර් ලකුණු 20 ක් ලැබුවා.

ශාපාලි වර්මා 3 වැනි කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 87 ක් රැස් කර සිටියා.

දීප්ති ශර්මා ලකුණු 58 ක් රැස් කළේ පන්දු 58 ක් තුළයි.

රිචා ගෝෂ් පන්දු 24 ක් තුළ කණ්ඩායමට අත්‍යවශ්‍ය ලකුණු 34 ක් රැස් කළා.

නියමිත පන්දුවාර 50 තුළ ඉන්දීය කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 298 ක් ලැබුවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොන්ගා කාකා ලකුණු 58 ක් දී කඩුළු 3 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායිකා ලෝරා වොල්වාඩ් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළත් කණ්ඩායම නියමිත ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යාමට එය ප්‍රමාණවත් වූයේ නෑ.

සෙසු පසුපෙළ පිතිකාරිනියන් අතුරින් යම් පමණක හෝ සාර්ථකත්වයක් ලැබීමට සමත් වූයේ ලකුණු 35 ක් රැස්කළ ඇනරි ඩර්ක්සන් පමණයි.

පන්දුවාර 45.3 ක් තුළ දකුණු අප්‍රිකානු ඉනිම නිමා වූයේ ලකුණු 246 කටයි.

යලිත් පන්දු යැවීමේ දී දීප්ති වර්මා කඩුලු 5 ක් ලකුණු 39 කට බිඳ හෙළමින් ඉන්දියාව ජයග්‍රාහී කුසලානය වෙත රැගෙන ගියා.

ෂෆාලි වර්මා යලිත් ඉන්දීය පිල වෙනුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුළු දෙකක් ලකුණු 36 කට බිඳ දැමුවා.

මේ ජයග්‍රහනය පිළිබඳ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාත් කෝලි සිය X ගිනුමේ සටහනක් තබමින් ජයග්‍රාහී ඉන්දීය කාන්තා කණ්ඩායමට සුබ පතා තිබුණේ මේ අයුරින්.
” අනාගත පරම්පරාවන්ට ආශ්වාදයක් ලබා දෙමින්, ඔබ ඔබේ නිර්භීත ක්‍රිකට් ක්‍රීඩාව සහ විශ්වාසය තුළින් සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයක් ගෙන දී තිබෙනවා. ඔබ සියලු ප්‍රශංසා ලැබිය යුතු අතර මේ මොහොත උපරිමයෙන් භුක්ති විඳින්න. හර්මන් සහ කණ්ඩායමට සුභ පැතුම්. ජයි හින්ද්”

ඉන්දීය ක්‍රිකට් ලොව විශිෂ්ටයා වන සචින් තෙන්දුල්කාර් ඊයේ ඉන්දීය කාන්තා කණ්ඩායම දිරිගන්වමින් අවසන් තරග අවස්ථාවට එක්ව සිටි නියමුවෙක්. ජයග්‍රහනයෙන් පසුව ඔහු සිය X ගිනුමට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.
” 1983 මුළු පරම්පරාවකටම විශාල සිහින දැකීමටත්, ඒ සිහින පසුපස හඹා යාමටත් පෙළඹවීමක් ඇති කළා. අද, අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සැබවින්ම විශේෂ දෙයක් කර තිබෙනවා. ඔවුන් රට පුරා සිටින අසංඛ්‍යාත තරුණ ගැහැණු ළමයින්ට පිත්තක් සහ බෝලයක් අතට ගැනීමට, පිටියට පිවිසීමට සහ ඔවුන්ටත් යම් දිනක එම කුසලානය ඔසවා තැබිය හැකි යැයි විශ්වාස කිරීමට පෙළඹවීමක් ඇති කර තිබෙනවා. මෙය ඉන්දියානු කාන්තා ක්‍රිකට් ගමනේ තීරණාත්මක මොහොතක්.හොඳයි, ඉන්දීය කණ්ඩායම. ඔබ මුළු ජාතියම ආඩම්බරයට පත් කළා.”

 

Share This