
“මමයි ඔගස්ටින්” පොලිසියට චැලේන්ජ් එකක්…
මෙහෙණින් වහන්සේ නමකට වත්තල, කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසලදී පුද්ගලයකු බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
එහිදී සාමාන්‍ය පුර වැසියෙකු විසින් මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරිමක සිදුකරන්නේ පොලිසියටද අභියෝගයක් කරමින්.
එහිදී “ඔගස්ටින්” යැයි අදාළ පුද්ගලයා තම නමද පවසනවා. ඇත්තටම ඔහු කවුද? කව්ද මේ “ඔගස්ටින්”? ඒක ප්‍රශ්නයක්.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල, කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසලදී මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීම හේතුවෙන් සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්ද ඒ සම්බන්ධයෙන් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නෙ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
