සීලරතන හාමුදුරුවන්ට බදු ගෙවන්න සල්ලි නෑ ලු – මැතිවරණ කොමිසමට ලිපියක්

සීලරතන හාමුදුරුවන්ට බදු ගෙවන්න සල්ලි නෑ ලු – මැතිවරණ කොමිසමට ලිපියක්

දේශපාලන පක්ෂ සඳහා බදු අය කිරීමට විස්තර එවන්නයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලිපි එවා ඇති බව දන්වමින් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද මැතිවරණ කොමිසමට ලිපියක් බාර දුන්නා.

ලිපිය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සීලරතන හිමියන් කියා සිටියේ,

” අපි පොඩි පක්ෂ. මේකෙන් හදන්නේ සුළු පක්ෂ දිය කරලා දාන්න. අපිට ආදායම් නෑ. අපි මැතිවරණ කොමිසමටත් ආදායම් වාර්තා දෙනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් දැන් දෙන්න වෙලා. අපිට යම් මුදලක් දුන්න කෙනෙක් ඊට පස්සේ මුදලක් දෙන්නේ නෑ. ඔවුන්ගේ තොරතුරු ලබා දුන්නම ඔවුන්ටත් බදු අය කරන්න පටන් ගන්නවා. කෝටි ගණන් තියෙන විශාල පක්ෂ වලට ප්‍රශ්නයක් නෑ.ජනාධිපතිතුමනි මේ ගැන හොයලා බලන්න.”

Share This