
අනාරක්ෂිත ළිදකට වැටුන තරුණයකු මරුට
කළුතර දකුණ, ගල්ලස්සේන, ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදකට වැටුන පුද්ගලයකු කළුතර ගිනි නිවන භඨයින් ව්සින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩගෙන 1990 ගිලන් රථයකින් නාගොඩ රෝහලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
දිගු ඉනිමගක් ආධාරයෙන් ළිං පතුලට බැස ගිනිභටයින් දෙදෙනකු විසින් ළිදේ වැටී සිටි පුද්ගලයා ගොඩ ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙසේ අනාරක්ෂිත ළිඳට වැටී ඇත්තේ කළුතර දකුණ, වෙනිවෙල්කැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන ඉසුරු විදුශාන් නමැති විවාහක පුද්ගලයෙක්.
එම අනාරක්ෂිත ළිඳ ආසන්නයේ තිබූ නිවසේ පුද්ගලයකු කිසියම් ශබ්දයක් ඇසුණ බව ප්‍රදේශවාසීන්ට පැවසීමෙන් අනතුරුව ලිං පතුල පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
කිසිවකු එම ළිඳ තුළ දක්නට නොලැබුණු අතර,ඉන්පසුව ළිඳේ තිබූ ජලය මෝටර් ආධාරයෙන් ඉවත්කොට ලිං පතුල කළුතර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පරීක්ෂා කිරීමේදී මෙසේ ළිඳට වැටුණු පුද්ගලයා සොයාගෙන තිබෙනවා.
පැය එකහමාරට ආසන්න කාලයක් ලිං පතුලේ සිරවී සිටි මෙම පුද්ගලයා මහත් පරිශ්‍රමයක් යොදා ගොඩ ගෙන 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කරන විටත් මෙම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
මෙම පුද්ගලයා අනාරක්ෂිත ළිඳට වැටුනු ආකාරය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර මියගිය තරුණයාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.
