
හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට
2015 වර්ෂයේ දී හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරමින් සී/ස. ශ්‍රී ලංකා රජයේ වානිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවස්යතාවක් නොති බූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන ලද කොකුන් ගබඩා 50 ක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කර චූදිතා විසින් හඳුන්වා දුන් ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීමේ වරදට ජයම්පති චරිත රත්වත්තේ අද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ නිලධාරීන් අත් අඩංගුවට ගත්තා.
එම කොමිසම පවසන්නේ මෙම ගනුදෙනුවෙන් රජයට රු. 99,679,799.70 ක (නව කෝටි අනූ හය ලක්ෂ හැතෑනව දහස් හත්සිය අනූ නවයයි ශත හැත්තෑවක) මුදලක් ලබා ගැනීමට බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට ජයම්පති චරිත රත්වත්තේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කළ සමයේ ක්‍රියා කර ඇති බවයි.
මෙම චෝදනා සඳහා අද පෙරවරුවේ ඔහු අත් අඩංගුවට අල්ලස් කොමිසම අත් අඩංගුවට ගත්තා.
කොමිසම නිවේදනය කළේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි.
වා.
