හොරණ ප්‍රාදේශීය සභාවේ කළු විරෝධයක්

හොරණ ප්‍රාදේශීය සභාවේ කළු විරෝධයක්

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් අද (04) හොරණ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ස්වාධින කණ්ඩායමක මන්ත්‍රිවරැන් පිරිසක් කළු ඇදුමින් සැරසී සභාව ඉදිරිපිට සහ සභා ඝර්භය තුල විරෝධතාවයක නිරත වුණා.

වැලිගම සභාපතිවරයා ඝාතනයෙන් පසුව හොරණ ප්‍රාදේශිය සභාව ඉංගිරිය කාර්යාලයේදී ප්‍රථම වරට සභාපති නිර්මල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

එම අවස්ථාවට පැමිණි මන්ත්‍රිවරුන් ප්‍රධාන මාර්ගයේ සිට කළු ඇඳුමින් සැරසී සටන් පාඨ පුවරු රැගෙන සභා භූමියට පැමිණියා.

පිරිස පසුව සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ පසුව පිරිස පුවරු රැගෙන සභාව තුලට පිවි⁣සීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක නිලධාරියා සමග උනුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

පසුව පිරිස පුවරු රැගෙන සභාගර්භයට ඇතුලු වී සභාගර්භය තුල නිහඩ විරෝධතාවයක් දක්වා තම අසුන්වල හිදගත්තා.

Share This