
අම්බලන්ගොඩ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මරුට
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ 55 හැවිරිදි මරණකරු පෝරඹ ,අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන්කරමින් සිටි මරණකරුට මි.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබුණා.
අප වාර්තාකරු පැවසුවේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, පොරඹ පදිංචිකරුවෙකු වන 55 හැවිරිදි වරුෂවිතාන මිරංග නැමති පුද්ගලයෙක් බවයි.
ඔහු අපරාධ කල්ලි සාමාජිකයකු වන “කරන්දෙනිය ජයලත් සුද්දා” නැමැත්තාගේ ඥාතියකු වන බවත් වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අම්බලන්ගොඩ පොලීසිය අදාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන සිදුකරන බවයි.
