
රු. මි.500 කින් අබලන් වතු මාර්ග හදන්න යයි
මළයගම් ප්‍රජාව සිටින වතුකරය තුල අබලන් වූ මාර්ග අලුත්වැඩියා කර සංවර්ධනය කිරීමට රු.මි.500 ක් සඳහා තම අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වැවිලි සහ ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ඇතැම් මාර්ග කොන්ක්‍රීට් කිරීමටත් , ඇතැම් මාර්ග කාපට් කිරීමටත් කටයුතු කරන බවයි.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී වතු ආශ්‍රිතව ඇති මාර්ග විශාල සංඛ්‍යාවක් මේ ආකාරයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
වතු ආශ්‍රිත මාර්ග අලුත් වැඩියාව මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් සභාවට අයත් නොවීම නිසා ඒවා කාලයක් සංවර්ධනය නොකිරීම ගැටලුවක් වී ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.
