
රුසියාවේ කල්මිකියා ජනරජයට වැඩමකළ පූජනීය ධාතූන් වහන්සේලා
ඉන්දියාවේ සිට රුසියාවේ කල්මිකියා ජනරජයට යවන ලද බුදුන්ගේ පූජනීය ධාතූන් වහන්සේලා වැඩමවීමේ පින්කමක් මේ වස් සමයේ සිදුවුණා.
ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ සහ ඉන්දියාවේ ජාතික වස්තුව ලෙස නම් කරන ලද ශාක්‍යමුණි බුදුන්ගේ ශුද්ධ ධාතූන් වහන්සේලා, ප්‍රධාන වශයෙන් බෞද්ධ ජනගහනයක් වාසය කරන රුසියාවේ කල්මිකියා ජනරජයේ මහජනතාවට ඒ අනුව වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාවුණා.
ධාතූන් වහන්සේලා තාවකාලිකව තැන්පත් කළ එලිස්ටා හි “ශාක්‍යමුණි බුදුන්ගේ ස්වර්ණමය වාසස්ථානය” වන මධ්‍යම විහාරස්ථානයේදී සතියක් පුරා වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිව තිබුණා.
මෙම ප්‍රදර්ශනය රුසියානු ජනතාවට බෞද්ධ උරුමය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට අවස්ථාවක් ද ලබා දුන්නේය.
ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නවදිල්ලියේ ජාතික කෞතුකාගාරයෙන් විශේෂ ගුවන් හමුදා ගුවන් යානයකින් ධාතූන් වහන්සේලා උත්සවාකාරයෙන් වැඩමවීම සිදුකෙරුණා.
ප්‍රදර්ශනය අතරතුර 90,000 කට අධික පිරිසක් එලිස්ටා හි ගාන්ඩන් ෂෙඩ්ඩප් චොයිකෝර්ලිං ආරාමයට පැමිණියහ. මෙය රුසියානු ජනරජයේ එවැනි ආකාරයේ පින්කමක් සිදුකළ පළමු අවස්ථාවයි.
බෞද්ධ උරුමයක් සැමරීම සහ දේශීය ජනගහනය තුළ ගැඹුරින් මුල් බැසගත් දර්ශනය ශක්තිමත් කිරීම සහ තරුණ පරම්පරාවට වන්දනා කිරීමට අවස්ථාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණවී තිබුණා.

