
නොවැම්බර් 30 ට පෙර ආදායම් බදු වාර්තා නොදුන්නොත් නීතිය හමුවට
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාල ආදායම් බදු වාර්තා මාර්ග ගතව (Online) නොවැම්බර් 30 වැනි දින හෝ එදිනට පෙර භාර දීම අනිවාර්ය බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නියමිත දිනට ආදායම් බදු බාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අනුව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි.
වැඩිවිස්තර www.ird.gov.lk හෝ ආසන්නතම දේශීය අදායම් ප්රාදේශීය කාර්යාලයෙන් දැනගත හැකි බව ද ඔවුන් දැනුම් දෙනවා.
