
වව්නියාවේ 25 හැවිරිදි මවක් ඝාතනයට ලක්වෙලා
වවුනියාව,පූම්බුහාර් ප්රදේශයේ නිවසක තිබි කැපුම් තුවාල සහිත කාන්තාවගේ මළ සිරුරක් ඊයේ (04) සවස සොයාගත් බව වවුනියාව,ඊච්චන්කුලම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ආර්.සින්දුජා නමැති 25 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුරක් එලෙස නිවස තුළ තිබි සොයාගත් බවයි.
පොලිසිය පවසන්නේ මියගිය කාන්තාවගේ මව විසින් සිය දියණිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී නිවස තුළ තිබි මළ සිරුර දැක ඇති බවයි.
මියගිය කාන්තාවගේ අවුරුදු දෙකක් වයසැති ගැහැණු දරුවා හා මියගිය කාන්තාවගේ ස්වාමියා අදාළ මේ අවස්ථාවේ නිවස තුළ සිට නොමැති බවත්, අනතුරුව ස්වාමි පුරුෂයා සහ දරුවා සොයාගත් බවත් පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.
පවුල් ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකොට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.
