
ඉල් පුර පසළොස්වක පොහොය අද
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බවයි.
ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුවූ සිදුවීම් අතරට ඇතුලත්.
අදින් පසුව කඨින චීවර පෙරහැර අවසන් වන අතර ඊයේ (04) මධ්‍යම රාත්‍රිය වන විට දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල කඨින පිංකම් අවසන් කෙරුණා.
