‘ගෝඨා ගෝ ගම‘ අරගලයට පහරදීමට දේශබන්දු ඇතුළු 31 කට නඩු පවරයි

‘ගෝඨා ගෝ ගම‘ අරගලයට පහරදීමට දේශබන්දු ඇතුළු 31 කට නඩු පවරයි

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම‘ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සැකකරුවන් අතර සිටින බවත්, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.

 

 

Share This