නව ආයුර්වේද කොමසාරිස් ජනරාල්  වැඩ ඇරඹීම හෙට

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් වැඩ ඇරඹීම හෙට

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත්වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය හෙට (06) එම තනතුරේ වැඩභාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයටපත් කර තිබෙනවා.

මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී හෙට සුමනසේන මහත්මිය නව තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කළා.

කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කර තිබෙනවා.

 

 

Share This