අධිකරණ ඇමති බන්ධනාගාරය දකින හැටි  බන්ධනාගාර නිලධාරීට කියයි

අධිකරණ ඇමති බන්ධනාගාරය දකින හැටි බන්ධනාගාර නිලධාරීට කියයි

බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට එක්වු 104 – B ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර හා නිලධාරීනියන් 177 දෙනෙකු විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේ අද (05) පැවති උත්සවයකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළා.

” අපේ රජය යටතේ යුක්තිය අතළොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ජනතාවගෙන් කිසිවක් පැහැර ගන්නා රජයක් නොවේ. රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම අපි භාර ගෙන තිබෙනවා. බන්ධනාගාරගත වන සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් අවාසි සහගත සමාජ පසුබිම්වලින් පැමිණි අයයි. ඔවුන්ගෙන් අති බහුතරයක් දෙනා 5 ශ්‍රේණිය හෝ 8 ශ්‍රේණියෙන් පසුව පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වු අයයි. අපරාධවල මූලයන් වන්නේ බොහෝ විට තනි පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් නොව සමාජ අසමානතාවය, දරිද්‍රතාවය සහ වෙනස්කොට සැලකීමයි. බන්ධනාගාරය යනු බලාපොරොත්තු සුන් කරවන වධකාගාරයක් නොව ජීවිතය පිළිබද අපේක්ෂා දල්වන වැඩපොලක් බවට පරිවර්තනය කිරීමට පියවර ගන්නවා.”

 

Share This