මහනුවර ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

අද (05) රාත්‍රියේ මහනුවර ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

කම්හල පිහිටා තිබෙන්නේ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ බවයි අප වාර්තාකරු පැවසුවේ.

කම්හල තුල ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක ගින්න හටගෙන ඇති අතර මහනුවර ගිනි නිවන ඒකකයේ රථ 03ක් ගින්න මැඩපැවැත්වීම සඳහා පැමිණ තිබෙනවා.

කිසිදු තොරතුර මෙතෙක් ගින්න ඇතිවීම සම්බන්ඳයෙන් තහවුරු කරගෙන නැහැ.

 

Share This