කාන්තාවක් සහ පිරිමි තිදෙනෙක් අයිස් එක්ක මහරගමදී අත්අඩංගුවට

කාන්තාවක් සහ පිරිමි තිදෙනෙක් අයිස් එක්ක මහරගමදී අත්අඩංගුවට

හෙරොයින් හා අයිස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග එම කාන්තාව ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදීයි අත්අඩංගුවට පත්ව තිබෙන්නේ.

එඬේරමුල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මොවුන්ගේ මෙම ජාවාරම පිලිබඳ තොරතුරු හෙළිව තිබෙනවා.

Share This