බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් දුරදිග ගොස් පිරිසක් ගිනි තබයි

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් දුරදිග ගොස් පිරිසක් ගිනි තබයි

ඊයේ (06) අළුයම 1.00 ට පමණ ඩුබ්ලිකේෂන් පාරේ ඇල්ෆට් පෙදෙස ආසන්නයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව පහළොස් දෙනෙක්ගෙන් පමණ යුත් කණ්ඩායමක් පැමිණ රාත්‍රී සමාජ ශාලාවට ගිනි තබා තිබෙනවා.

ඇතිවූ තත්ත්වයත් සමඟ කොළඹ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බම්බලපිටිය පොලිසිය සිදු කරනු ලබනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා සමාජ ශාලාවේ වීදුරු කිහිපයක් ගිනි නිවන ඒකකය විසින් ඉවත් කර තිබුණා.

 

 

Share This