
කොටහේන වෙඩි තැබීම පිටුපස පාතාල “සෙල්වි” සිටින බවට සැකයක්
කොටහේන 16 වන පටුමග ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදුකල වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මූලික කරගනිමින් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලීසිය පවසනවා.
ඊයේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ 43 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය සැක පළකරන්නේ සෙල්වි නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ පාර්ශ්වයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
ඊයේ රාත්‍රි 8.30 පමණ කොටහේන 16 වැනි පටුමග ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසකගෙන් එක් අයෙකු මෝටර් රථයෙන් බැස පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පසුපසින් පැමිණ ඔහුට වෙඩි තබන අයුරු අසල තිබු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.
වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථය වෙඩි වැදී බිම වැටී සිටි තුවාලකරු යටකරමින් පලායන ආකාරය ද දක්නට ලැබුණා.
වෙඩි තැබීම වාර්තා වීමත් සමඟ කොටහේන පොලිසිය එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීටම පියවර ගත්ත ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මිය ගිය පුද්ගලයා තම දෙමාපියන් බැලීමට ගොස්ය ආපසු ඔහු පදිංචිව සිටි නිවස වෙත යමින් සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
වැඩිදුර පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩි උණ්ඩ 6 ක් මියගිය පුද්ගලයාට එල්ල වී ඇති බවයි.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියකින් බව පොලිසිය පැවසුවා.
මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මූලික කරගනිමින් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක පළ කරන පොලීසිය පවසන්නේ එය සෙල්වි නැමැත්තියගේ පාර්ශ්වයෙන් සිදුකරන්නට ඇති බවටයි.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ පූකුඩුකන්නා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ පාර්ශ්වයේ අයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවටයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාට ද මත්ද්‍රව්‍ය ජාවරමට සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් මීට පෙර චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පැවසුවා.
මෙම වෙඩි තැබීමත් සමඟ මේ වන විට වෙඩි තැබීම් 105 ක් සිදුව ඇති අතර ඉන් 53 දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
