ගාල්ල – සීනිගම දී කෝටි ගණනක කුඩු සමග ඉන් උපයාගත් කෝටි 8 කට වැඩි මුදල් සමග 6 ක් අත්අඩංගුවට

ගාල්ල – සීනිගම දී කෝටි ගණනක කුඩු සමග ඉන් උපයාගත් කෝටි 8 කට වැඩි මුදල් සමග 6 ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (08) පෙරවරුවේ ගාල්ල, සීනිගම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ මත්ද්‍රව්‍ය වැටලීමෙන් සැකපිට පුද්ගලයින් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊට අමතරව අත්අඩංගුවට ගැණුනු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 05කට අධික වන අතර, එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බෝට්ටුවක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 416ක්, මුදල් රුපියල් එක්කෝටි අටලක්ෂ එකොළොස්දහස් පන්සීයක් සහ බෝට්ටුවක් සමඟ සැකකරුවන් හයදෙනා ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සහ අදාල නඩු භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා හික්කඩුව පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

 

Share This