උසස් පෙළ ලියන අයට හදිසියක් නම් 117 අංකයට කතා කරන්න

උසස් පෙළ ලියන අයට හදිසියක් නම් 117 අංකයට කතා කරන්න

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් ගේ පහසුව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි සැලැස්ම එළිදක්වා තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන්ට හෝ ගුරුවරුන්ට යම් ආපදා තත්ත්වයක් ඇතිවුවොත් පහසුකම් සැලසීම සඳහා එඅම් දෙපාර්තමේන්තුව සූදානමින් පසුවන බව ආපදා කළමනාකරන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) සම්පත් කොටුවෙගොඩ මහතා දැනුම් දෙනවා.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් පසුවන අතර හදිසි ඇමතුම් අංකයක් ද ලබා දී තිබෙනවා.

117 අංකයට ඇමතීමෙන් යම් අපේක්ෂකයකුට හෝ ගුරුවරුන්ට පහසුකම් සලසා ගත හැකිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

Share This