මඩකලපු වැලි බලපත්‍ර‍යෙන් පොළොන්නරුව හරහා වැලි අදින ටිපර් නිසා ගම්වාසීන් පිරිසක් නොසන්සුන්

මඩකලපු වැලි බලපත්‍ර‍යෙන් පොළොන්නරුව හරහා වැලි අදින ටිපර් නිසා ගම්වාසීන් පිරිසක් නොසන්සුන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල, වලමණ්ඩිය, ධම්මින්න ප්‍රධාන මාර්ගයේ , කිලෝමීටර් තුනක ප්‍රමාණ දුරක් සංවර්ධනය කර ඒ.බී.සී. ගල් අතුරා කාපට් එලීමට ආසන්නව තිබියදී මාදුරුඔය, වලමණ්ඩිය ප්‍රදේශයේ වැලි ගොඩ දමා ප්‍රවාහනය කිරීමේ කටයුතු කිරීම නිසා අරලගංවිල නිදන්වල සහ පුබුදුගම ගම්මාන වල පවුල් 250ක් පමණ දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කරන්නේ මාදුරුඔය, වලමණ්ඩිය ප්‍රදේශයෙන් ගොඩදමන වැලි ප්‍රවාහනය කරන්නේ තම ගම්මානය හරහා තිබෙන ප්‍රධාන මාර්ගයෙන් වීම නිසා ඔවුන් මෙසේ පීඩාවට පත්ව සිටින බවයි.

මේ සම්බන්ධව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමක දි ඔවුන් සඳහන් කර සිටියේ මෙහි බලපත්‍ර ලබා දී තිබෙන්නේ ඔවුන් නොවන අතර, වැලි කැනීම් කරන ස්ථානයේ අයිතිය තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයට බවයි.

මෙම වැලි ප්‍රවාහනය කිරීමට සහ කැණීම් කිරීමට අවසර ලබාදී තිබෙන්නේ මඩකලපුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් නිසා තමාට මෙය නැවැත්වීමට කිසිදු ක්‍රියාමාරගයක් ගැනීමට නොහැකි බව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පැවසුවා.

ගම්මුන් සඳහන් කරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ලබා දුන් බලපත්‍ර නිසා වැලි ටිපර් රථ තම ගම්මානය හරහා ගමන් කිරීමෙන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගම්මානවල මාර්ග මෙසේ අබලන් වන බවයි.

දිනකට වැලි ටිපර් 75 කට වැඩි වැඩි සංඛ්‍යාවක් වලමණ්ඩිය ප්‍රදේශයේ සිට ධම්මින්න ප්‍රධාන මාර්ගය දක්වා ගමන් කරන අතර එසේ ගමන් කිරීමේදී මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් ඇතිවන අධික දූවිල්ල නිසා දැඩිව පීඩාවට පත්ව සිටිනවා.

ඊයේ (08) දිනයේද ගම්වාසීන් වැලි ටිපර් ප්‍රවාහනකරුවන්ට දැනුම් දී ඇත්තේ මෙම මාර්ගයෙන් ගමන් නොකරන ලෙසයි.

 

 

Share This