හලාවත කොළඹ මාර්ගයේ , මාදම්පේ – ගලහිටියාව අතර ගැටිති නිසා අනතුරු ඉහළට

හලාවත කොළඹ මාර්ගයේ , මාදම්පේ – ගලහිටියාව අතර ගැටිති නිසා අනතුරු ඉහළට

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවත පැන අසල ඇති වත්තකට යාම හේතුවෙන් මෝටර් රථයට
බරපතල හානි සිදුව තිබෙනවා.

මේ අනතුර සිදුව ඇත්තේ ඊයේ (08) රාත්‍රී 08.00 පමණයි.

කොළඹ සිට පුත්තලම දෙසට ගමන් කල මෝටර් රථයක් මේ අනතුරට ලක්ව තිබුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මාර්ගයේ ඇති ගැටිති මේ අනතුරට හේතුව බවයි.

මේ ස්ථානයේ මිට පෙරත් අනතුරු සිදුව ඇති අතර මාර්ගය නවීකරණය කිරීමේදී ස්ථාන කීපයකම මෙලෙස ගැටිති තැබීම නිසා අනතුරු සිදුවීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Share This