කහටගස්දිගිලිය – දිවුල්වැව සතියක් තුළ දෙවැනියාත් වන අලියකුට බිළි

කහටගස්දිගිලිය – දිවුල්වැව සතියක් තුළ දෙවැනියාත් වන අලියකුට බිළි

කහටගස්දිගිලිය – දිවුල්වැව ප්‍රදේශයේදී දෙදරු පියෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පහර දීම සිදුව ඇත්තේ අද (09) උදෑසන කාලයේයි.

උදෑසන 6.00 ට පමණ පා පැදියකින් තම වගාබිම වෙත යමින් සිටියදී දිවුල්වැව, මුකිරිවැව ප්‍රධාන මාර්ගයේදී මෙම වන අලි පහර කෑමට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි දෙදරු පියෙක්.

වන අලි පහරදීමකින් ප්‍රදේශයේ සතියක් ඇතුළත සිදුවූ දෙවන මරණය මෙයයි.

 

Share This