වට්ස් ඇප් මගින් වැලිමඩ කුඩු බෙදූ “බූතයෝ” සෙට් එකක් කුඩු එක්ක අල්ලයි

වට්ස් ඇප් මගින් වැලිමඩ කුඩු බෙදූ “බූතයෝ” සෙට් එකක් කුඩු එක්ක අල්ලයි

බූතයා යන නමින් හඳුන්වන ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි දෙදෙනෙක් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් 11 දෙනකු පසුගිය දින කිහිපයේ කළ වැටලීම්වල දී වැලිමඩ පොලීසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබුණේ වැලිමඩ,බොරලන්ද ප්‍රදේශයේ දීයි.

අනෙක් සැකකරු ඌව – පරණගම පහළ කොටවෙර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පැවසුවා.

සෙසු 11 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ලද තොරතුරු අනුවයි.

මොවුන් සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 කට ආසන්න ප්‍රමාණයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

වට්ස් ඇප් ඔස්සේ මොවුන් හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇත්තේ වැලිමඩ,කැප්පෙටිපොල,බොරලන්ද ,ඌව පරණගම ආදී ප්‍රදේශවලයි.

 

Share This