දාවුඩ් ඊබ්‍රහිම්ගේ ඩී ගැන්ග් සහ හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් අතර ගිවිසුමක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණයක් (VIDEO)

දාවුඩ් ඊබ්‍රහිම්ගේ ඩී ගැන්ග් සහ හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් අතර ගිවිසුමක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණයක් (VIDEO)

ජාත්‍යත්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස සැලකෙන දාවුඩ් ඊබ්‍රහිම්ගේ ඩී ගැන්ග් සහ හිටපු LTTE ක්‍රියාකාරීන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් ඇති වී ඇති බව පවසමින් ඉන්දීය බුද්ධි අංශ ඒ සඳහා දැඩි අවදානයක් යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නව ගිවිසුම හරහා ඉන්දීය ආරක්ෂක අංශවලට දැඩි අවදානමක් එල්ලවනු ඇති බවටයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ.

ඉන්දීය ආරක්ෂක අංශවලට දැඩි ආරක්ෂක අවදානමක් මතුව ඇති බව පවසමින් ජාත්‍යත්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස සැලකෙන දාවුඩ් ඊබ්‍රහිම්ගේ ඩී ගැන්ග් කණ්ඩායම සහ හිටපු LTTE ක්‍රියාකාරීන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් පිළිබඳව දැඩි අවදානය යොමු කර තිබෙනවා.

බුද්ධි අංශ විසින් ලබාගත් තොරතුරුවලට අනුව ගැන්ග් ඩී කල්ලියේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින හිටපු LTTE ක්‍රියාකාරිකයින් සහ අනුගාමිකයින් සමඟ සබඳතා පවත්වමින් සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ඉදිිරියට ගෙන යාම සඳහායි.

මෙම අපරාධ කණ්ඩායම් දෙකටම දිගුකාලීන සබඳතා ඇති අතර නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පොදු ජාලයක් ඔස්සේ කටයුතු කර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

බුද්ධි අංශ තොරතුරු උපුටා දකවමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ගැන්ග් ඩී කල්ලිය පාඩු පියවා ගැනීමට එනම්, ප්‍රධන වශයෙන් මහරාශ්ට්‍ර, ගුජරාට් සහ අනෙකුත් උතුරු ප්‍රාන්තවල සිදුකරන ලද මෙහෙයුම්වලදී සිදුවු දැඩි පාඩු පියවා ගැනීමට මෙම ගිවිසුම ඇති කරගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය වෙළඳාම සඳහා හිටපු LTTE ජාලය භාවිත කිරීමට ගැන්ග් ඩී කල්ලිය පෙලඹෙන්නේ, හිටපු LTTE සාමාජිකයින්ට ගොඩබිම හා මුහුදු මාර්ග ඇතුළුව ක්‍රියාකාරී ප්‍රදේශයන් පිළිබඳ අවබෝධයක් තිබීම හේතුවෙන්.

හිටපු LTTE ක්‍රියාකාරිකයින්ගේ සහය ඇතිව ගැන්ග් ඩී කල්ලිය දකුණු වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන අතර, මෙතැන් සිට ඉන්දියාවේ ඉතිරි ප්‍රදේශ වෙතද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සැලසුම් කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ගිවිසුමෙන් හිටපු LTTE ක්‍රියාකාරීන් අරමුණු කරන්නේ ඔවුන්ගේ සංවිධානය යළි පනගැන්වීමට බවටද ඉන්දීය බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් විනාශ වී ගිය LTTE යට නිසි නායකත්වයක් නොමැති අතර නැවත යතාතත්ත්වයට පත්කිරීමට පවා ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම හේතුවෙන් මෙම ගිවිසුම ඇති කරගෙන තිබෙන බවට ද ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණ වී තිබෙනවා.

හිටපු LTTE ක්‍රියාකාරීන් නැවත ගොඩනැගීමේ උත්සහයක් පැවතුනද එම ත්‍රස්ත සංවිධානයට යළි ක්‍රියාත්මක වීමට ඉඩක් නොමැති බවටයි ඉන්දීය ජාතික විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් ද අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ඉන්දීය බුද්ධි අංශ පවසා ඇත්තේ LTTE ය යළි නැගිටීමට වඩා ගැන්ග් ඩී කල්ලිය ඉන්දීය වෙළඳපොලට පිවිසීම විශාල ගැටලුවක් බවයි.

Share This