
තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් කඩා වැටී පුද්ගලයෙක් බරපතල තත්ත්වයෙන් රෝහලට
අගලවත්ත මතුගම මාර්ගයේ යටියන ප්රධාන පාරට මුහුණ ලා ඉදිකර තිබු තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහළ සමග කොන්ක්රීට් කොටසක් අද (09) උදැසන කඩා වැටීම නිසා ඊට යට වු ඉදිකිරීම් සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මතුගම මූලස්ථාන පොලිසිය පැවසුවා.
මෙම මෙම අනතුර සිදුව ඇත්තේ තෙමහල් නිවසේ ඉහළ මාලයේ කොටසක කොන්ත්රාත් පදනම මත සේවකයන් දෙදෙනෙකු විසින් වහළ අලුත්වැඩියා කරමින් සිටින අතර තුරයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ඇල්පිටිය ප්රදේශයේ පදිංචි අමිල එරංග නමැති (31) පුද්ගලයෙක්.
අලුත්වැඩියා කරමින් සිටි වහල සමග කොන්ක්රීට් කොටසක් කඩා වැටි සේවකයා ඊට යටවී ඇති අතර ප්රදේශවාසීන් මහත් පරිශ්රමයක් දරා ඔහු එළියට ගෙන හදිසි ගිලන්රථ සේවය කැඳවා තුවාලකරු මතුගම වෑත්තෑව රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා.
පසු වැඩිදුර ප්රතිකාර සඳහා ඔහු කළුතර නාගොඩ රෝහලට මාරුකර යවා තිබෙනවා.
