
පන්නිපිටියේ නිවසක් වටලා මත්ද්‍රව්‍ය සමග 06 ක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රවය පැකට් කර බෙදා හැරීමට කටයුතු කළ මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සහ සහ පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාරයට ගෙන තිබෙනවා.
එම විමර්ශන අංශයේ නිලධාරීන් පැවසුවේ ප්‍රධාන ජාවාරම්කරු සමග පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරු සමග අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 15 ක් පැකට් කිරීමට යොදා ගන්නා සිලර්යන්ත්‍රයක් , විද්‍යුත් තරාදි දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය මැනීමට ගන්නා විවිධ ප්‍රමාණයෙන් යුත් කුඩා මිනුම් උපකරණ කීපයක් , කුඩා ඉටිකවර සහ ,ජාවාරමෙන් උපයා ගත් රුපියල්16800/= ක මුදලක් පොලිස් භාරයට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
මහරගම ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් රුපියල් 20,000/= මාසික කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ තොරතුරු රැස් කිරීමේදී ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවයි.
අනතුරුව එම නිවස වටලා ප්‍රධාන ජාවාරම්කරු උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ලැබෙන අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස පැකට් කර බෙදා හරින බවට අනාවරණය කර ගෙන තිබෙනවා.
