
බී.බී.සී. ලොකු පුටු දෙකක් ගැලවෙයි
බ්‍රිතාන්‍ය විකාශන ආයතනය හෙවත් බී.බී.සී. මාධ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ටින් ඩේව් සහ ප්රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබෝරා ටර්නර්ස් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තාමය වැඩසටහනක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමගයැවූ බවට එල්ල වූ විවේචන හේතුවෙන්.
2021 වසරේ ජනවාරි මස 6 වැනිදා විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට පහරදීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාවක් සංස්කරණය කිරීම සම්බන්ධයෙන් බී.බී.සී. මාධ්‍ය ආයතනයට විවේචන එල්ල වුණා.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන්, “තමන්ට අවශ්‍ය වන්නේ ආධාරකරුවන් සාමකාමීව විරෝධතා පවත්වනවා දැකීමට බව” පැවසූ කොටසක් කපා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් බී.බී.සී. මාධ්‍ය ආයතනයට ලොව නොයෙක් රටවලින් විවේචන එල්ල වූ අතර විදෙස් විචාරකයින්ට පැවසුවේ බී.බී.සී. මාධ්‍ය ආයතනය විකාශය කළ එම වාර්තා වැඩසටහනෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය විකෘතිවී ඇති බවයි.
ඒ අනුව එල්ල වූ විවේචන හේතුවෙනුයි බී.බී.සී. මාධ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ටින් ඩේව් සහ ප්රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබෝරා ටර්නර්ස් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙන්නේ.
කෙසේ වෙතත් බී.බී.සී. ආයතනය වෙත ලිපියක් යොමු කරමින් අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ටීම් ඩේව් පවසන්නේ වසර 5 කට පසු රැකියාවෙන් ඉවත්වීම සිය පෞද්ගලික තීරණයක් බවයි.
