අයවැය වර කියවීමේ දෙවැනි දිනය අදයි

අයවැය වර කියවීමේ දෙවැනි දිනය අදයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබෙනවා.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 6.00ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් අනතුරුව නොවැම්බර් 15 සිට දෙසැම්බර් 05 දක්වා අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

Share This