
අනුරාධපුර තලාව බස් අනතුරකින් අයෙක් මියගොස් 20 කට වැඩි පිරිසකට තුවාල
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බවයි.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.
බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වුණා.
බස් රථයේ මගීන් 40 කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව අප වාර්තාකරු පැවසුවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්.





