දකුණු කොරියාවේ මත්ස්‍ය ගොවිපළක අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුත් මරුට

දකුණු කොරියාවේ මත්ස්‍ය ගොවිපළක අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුත් මරුට

දකුණු කොරියාවේ ජියොංසැං හි ගෝසොං ප්‍රාන්තයේ ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපලක ජල ටැංකියක් තුළ කම්කරුවන් තිදෙනෙකු මියගොස් සිටිය දී හමුවීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දකුණු ජියොංසැං පොලිස් ඒජන්සිය අද(10) පැවසුවේ වයස අවුරුදු 50 ගණන්වල පසුවන ස්ථාන අධීක්ෂකවරයෙකුගේ සහ අවු. 20 සහ 30 වියේ පසුවන ශ්‍රී ලාංකික කම්කරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (09) රාත්‍රී 8:30 ට පමණ ගෝසොං හි මත්ස්‍ය ගොවිපලෙහි විශාල ජලාශ ටැංකියක් තුළ තිබී සොයා ගත් බවයි.

ටැංකිය මීටර් හතරක් (අඩි 13) පළල, මීටර් තුනක් දිග සහ මීටර් දෙකක් ගැඹුරකින් යුක්ත එකක් වන අතර ඒ වන එය විට ජලයෙන් පිරී තිබූ බව වාර්තා වනවා.

පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබුණේ වැඩිහිටියෙකුට ගමන් කළ හැකි තරම් විශාල විවරයකින් බැස යන ඉනිමඟකින් ජලාශයට ප්‍රවේශ විය හැකි බවයි.

ප.ව. 7:38 ට ස්ථාන අධීක්ෂකවරයාගේ පවුලේ අය විසින් පොලිසියට මුලින්ම දැනුම් දී ඇති අතර, ඔවුන් ඔහු සමඟ සම්බන්ධතා නැති වී ඇති බව වාර්තා කර තිබුණා.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ ස්ථානය පරීක්ෂා කර මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගෙන් එක් අයෙකු වැඩ කරන ඇඳුමක් මෙන් පෙනෙන ඇඳුමකින් සැරසී සිටි බවත් අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුම් වලින් සැරසී සිටි බවත් වාර්තා වුණා.

මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා විමර්ශනයේ කොටසක් ලෙස මරණ පරීක්ෂණයක් පවත්වනු ලබන බව පොලීසිය පවසා තිබෙනවා.

“ඒ අවස්ථාවේ කම්කරුවන් ටැංකිය පිරිසිදු කරමින් සිටියාද යන්න තවමත් පැහැදිලි නැති අතර පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ කාර්මික අනතුරක් ඇතුළු විවිධ කරුණු සලකා බලමින් සිටින බවයි.”

 

Share This