උසස් පෙළට යන අය හෙට කුඩ අරන් සූදානම් වන්න

උසස් පෙළට යන අය හෙට කුඩ අරන් සූදානම් වන්න

හෙට (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව, දකුණ,සබරගමුව,මධ්‍යම,පළාත්වලත් අම්පාර ,මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිත්‍රික්කයේ උදේ කාලයේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ දැක් වුණේ.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් හෙට දවසේ කාලගුණය පහත පරිදි වනවා.

 

Share This