
දෙවියන් වදින්න පැමිණි හදුන් දිවියෙක්
ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතුයායේ ග්රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුල හදුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසිය පැවසුවා.
එම වතුයායේ වතු කම්කරුවන් අද (11) උදෑසන වැඩට යාමට ප්රථම දෙවියන් වැදීමට කෝවිලට ගිය අවස්ථාවේ දේවරූප අසළින් හදුන් දිවියෙකු පැමිණ තිබෙනවා.
වතු යායේ වතුකම්කරුවන් පැවසුවේ එම හදුන් දිවියා කොවිලේ සිවිලිම මත රැදී සිටින බවයි.
ඊයේ (10) රාත්රියේ කෝවිලේ දොර විවෘත කර තිබූ අවස්ථාවේ තේ වත්තේ සැරි සැරූ හදුන් දිවියා කෝවිල තුලට ඇතුලු වන්නට ඇති බවට සැක කෙරෙනවා.
නුවරඑලිය වන ජීවි කාර්යාලයේ නිළධාරින්ට දැනුම් දි ඇත්තේ හදුන් දිවියා මුදා ගැනීමට කටයුතු කරන ලෙසයි.
