
දිල්ලියේ පිපිරුම ගැන අමාත්‍ය විජිතගෙන් X පනිවිඩයක්
දිල්ලියේ ඊයේ සවස සිදු වූ පිපිරීම පිළිබඳ පුවත අසා කණගාටුවට පත් වූ බව විදේශ රැකියා,විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිය X සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර මේ කණගාටුදායක මොහොතේ පීඩාවට පත් සියලු දෙනා සමඟ අප ගේ සිතුවිලි බෙදාගන්නා බවයි.
