
මත් පෙති 5000 ක් එක්ක යාපනයේදී ඇල්ලූ සැකකරුගේ දකුණේ පාතාල සඹඳතා සොයා විමර්ශන
මෝටර් රථයකින් මත්පෙති ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් යාපනය කාකතිව් මංසන්ධියේදී යාපනය කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ රථයේ තිබී මත්පෙති 5000 ක් සොයාගෙන ඇති අතර, ඊට අමතරව ආසනයක් පිටුපස සඟවා තිබූ කඩුවක් ද සොයාගත් බවයි.
යාපනය, මනිපායි ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ එම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී විමර්ශන නිලධාරීන්ට අනාවරණ වී ඇත්තේ ඉකුත් දා වත්තල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කිරීමේදී පොලිස් භාරයට ගත් රථය ඔහුට අයත් එකක් බවයි.
අදාළ රථයේ තිබී ගිනිඅවියක් ද සොයාගැනීම පොලිසියට හැකි වූ අතර, ඔහු කිසියම් පාතාල කල්ලියක් සමඟ සබඳතා පවත්වන්නේ ද යන්න පිළිබඳ පොලිසිය විමර්ශන සිදු කරනවා.
අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යාපනයේදී මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් සිකුරාදා රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන බවයි.
