‘මිත්‍රශක්ති 2025’ යුද අභ්‍යාසයට හමුදාවේ පිරිසක් ඉන්දියාවට

‘මිත්‍රශක්ති 2025’ යුද අභ්‍යාසයට හමුදාවේ පිරිසක් ඉන්දියාවට

ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන ‘මිත්‍රශක්ති 2025’ යුද අභ්‍යාසය සඳහා මෙරට හමුදා සාමාජිකයින් ඉන්දියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි XI වන අධියර සඳහා සහභාගී වන නිලධාරි 34 ක් හා සෙසුනිලයින් 101 ක පිරිසකගෙන් යුත් භට පිරිස පෙරේදා (09) මත්තල ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පිටත් වුණා.

ඉන්දීය හා මෙරට හමුදාවන් අතර හමුදා කුසලතා වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම මිත්‍රශක්ති යුද අභ්‍යාසය මෙවර ඊයේ (10) සිට එළඹෙන 23 දා දක්වා දින 14 ක් පුරා ඉන්දියාවේ බෙලගවි කර්නාටක ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

යුද අභ්‍යාසය නිමාවෙන් අනතුරුව මෙම පිරිස නැවත මේ මස 24 දින මෙරටට පැමිණීමට නියමිතයි.

 

 

Share This